වකුගඩු වල ගල්

වකුගඩු ගල් සාමාන්‍යයෙන් හැදෙන්නෙ සමහර රසායනික ද්‍රව්‍ය වර්ග ශරීරයේ එකතු වීම නිසාය.. සමහර රෝගී තත්ත්වයන් නිසා ඔබගේ මුත්‍රා වල අසාමාන්‍ය ලෙස මේ රසායනික ද්‍රව්‍ය ඉහළ දැමීම සිදු කල හැකිය. ප්‍රමාණවත් තරම් ජලය සහ අනෙකුත් පාන වර්ග පානය නොකිරීම වකුගඩු ගල් වර්ධනය වීමට බොහෝ සේ බලපෑ හැක.

වකුගඩු ගල් වර්ග

වකුගඩු ගල් විවිධ ප්‍රමාණයෙන් හැඩයන්ගෙන් සහ වර්ණයන්ගෙන් යුක්ත වේ. සමහර ඒවා වැලි කැට ප්‍රමානයේ වන අතර සමහර ඒවා ගොල්ෆ් බෝලයක් තරම් වර්ධනය විය හැක.. වකුගඩු ගල් වල ප්‍රධාන වර්ග නම්:

  • වඩාත් බහුලම ගල් වර්ගය කැල්සියම් ගල් වේ.
  • ස්ටෘවයිට් (struvite) නම් ගල් වර්ගය, සාමාන්‍යයෙන් මුත්‍රා ආසාදනයකින් වැනි තත්වයක් හේතුවෙන් ඇති වන ගල් වර්ගයකි.
  • යූරික් ඇසිඩ් ගල්, සාමාන්‍යයෙන් මුත්‍රා වල විශාල වශයෙන් ඇසිඩ් තිබීම හේතුවෙන් ඇතිවේ.

පුනරාවර්තී වකුගඩු ගල්

නිතර වකුගඩු ගල් ඇතිවන පුද්ගලයන් නම්:

  • අධික ප්‍රෝටීන ආහාර සහ තන්තු අඩුවෙන් ආහාරයට ගන්නා අය
  • අක්‍රියශීලී සහ අකර්මණ්‍ය
  • වකුගඩු ගල් සදහා පවුල් පසුබිමක් ඇති
  • වකුගඩු හෝ මුත්‍රා ආසාදන කිහිප වරක් සෑදී ඇති
  • වකුගඩු ගල් කලින් සෑදී ඇති, විශේෂයෙන්ම මීට අවුරුදු 25කට කලින් නම්

ඖෂධ සමහර ඖෂධ වර්ග පුනරාවර්තී වකුගඩු ගල් සෑදීමේ අවධානම වැඩි කරන්න පුලුවන්. මේවා නම්:

  • ඇස්පිරින් (aspirin)
  • ඇන්ටාසිඩ් ( ඇසිඩ් නිෂේධක()antacids)
  • මුත්‍රා යාම වැඩි කරන ඖෂධ (diuretics) මේවා ද්‍රව එකතු වීම වලක්වයි.)
  • සමහර ප්‍රතිජීවක ඖෂධ (antibiotics)
  • සමහර වෛරස සදහා භාවිතා කරන ඖෂධ ( HIV සදහා ප්‍රතිකාර කරන ලද)
  • සමහර ප්‍රති අපස්මාර ඖෂධ (anti-epileptic medicine